IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


කොළඹ පොත් දැක්මට ජනගගක්: දැනටම ලක්ෂ 2කට කිට්ටුයි

අමිල චින්තක ගමගේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා පැවැසීය.

මේ දින කිහිපයේ පමණක් ජනතාව ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් පොත් ප්‍රදර්ශනය නැරඹීමට හා පොත්පත් මිලදී ගැනීමට පැමිණ ඇති බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසර වලට වඩා බොහෝ සාර්ථක ලෙස පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන බවත් පොතපත හොඳින් අලෙවි වන බවට කුටි සංවිධායකයන් ප්‍රකාශ කරන බවත් ඔහු කීය.

මෙවර ප්‍රදර්ශනය ආරම්භයේ සිටම සති අන්ත හෝ සතියේ දින යැයි නොසලකා ජනතාව ඇදෙමින් සිටින බව ද වෙන වසරවල එවැනි තත්වයක් නොතිබූ බව ද ඔහු කීය.

මෙවර පොත් ප්‍රදර්ශනයට වැස්සෙන් කිසිම බාධාවක් ඇති නොවූ බව ද සමහර නවකතා ඇතුළු පොත් මිලදී ගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙවර ප්‍රදර්ශනය සදහා පොත් ප්‍රකාශකයන් 450 කගේ කුටි ඇතුළත්ව තිබෙන බව ද ඔහු කීය.

(ඡායා ඉසුරු පෙරේරා)

 



අදහස් (2)

කොළඹ පොත් දැක්මට ජනගගක්: දැනටම ලක්ෂ 2කට කිට්ටුයි

Kithsiri Friday, 03 October 2025 10:38 AM

මමත් එක්වරක් ගියා ප්‍රධාන ඇතුල්වීමෙන් ගියාම එක් එක් ප්‍රදර්ශන ශාලාවකට පිලිවෙලට යන්න මග පෙන්වීමක් නැහැ අතරමං වෙන ආකාරයට තමයි තියෙන්නෙ

:       0       0

anuradha Friday, 03 October 2025 11:37 AM

මෙතරම් පොත් පත් ඈසුරු කරන රටක මිනිස්සු, මොල හීන ජාතියක් උනේ කොහොමද දෙවියනේ? පාරට බෑස්සම මිනිස්සු කිසිම සෙන්සර් නෑති මිනිස්සු වගේ ඒ මේ අත යනව දෑක්කම මේ අපේ පොත පත ඈසුරු කරන මිනිස්සුද කියල හිතෙනව...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33007 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15651 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10046 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 204 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 515 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site