
(ගයාන් සූරියආරච්චි)
භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවට බව ආචාර්ය කොටපිටිය රාහුල කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභවේ අනුනායක හිමියෝ ලිපියක් මගින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට දන්වා සිටිති.
මෙරට දැනට තහවුරු වී ඇති ක්‍රමවේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන් එය සිදුවිය යුතු ශාසනික කාර්යයක් බවත් උන් වහන්සේ එම ලිපියෙන් පෙන්වා දෙති.
වැඩිදුරටත් එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවිරයන් වහන්සේ මහාවිහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවකි. උන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව පිළිබඳව කිසිදු විරෝධයක් හෝ අදහසක් අපි ඉදිරිපත් නොකරන්නෙමු. එමෙන්ම අධිකරණයේ උත්තරීතරභාවය පිළිබඳ ඉහළින්ම පිළිගන්නෙමු.
ඒ අතර බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා දුටු අතර ශාසනික නීතියට අනුව උන් වහන්සේගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවකම උන් වහන්සේට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබාදීම මෙතෙක් ශාසනිකව හා අධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍ර දායික නීතියකි. එමෙන්ම එය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයකි.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විනය පිටකයට අනුව පාරාජිකා වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් උන්වහන්සේ අයත් අප සංඝසභාව වෙත වාර්තාවී නොමැත. එමෙන්ම ශාසනික වශයෙන් උන් වහන්සේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා උන්වහන්සේගේ සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම අප සංඝසභාවට අයත් වගකීමකි.
එබැවින් උන්වහන්සේගේ සිවුර ඇත් නොකරන ලෙසත් සිවුර පිටින්ම පෙනී සිටීමට උන්වහන්සේට අවස්ථාව ලබාදෙන ලෙසත් කරුණාවෙන් දන්වමි.'' යනුවෙන් ඒම ලිපියේ සදහන්වේ . ඒම ලිපියේ පිටපත් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාට සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ෙජනරාල්වරයාට ද යොම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd