IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


එක්ස්ප්‍රෙස් පර්ල් හානියට ඩොලර් බිලියනයක් ගෙවන්න කියයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් රාජ්‍ය නොවන පාර්ශවයන්ට සිදු වූ හානි සඳහා වන්දි වශයෙන් වසරක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 1ක මූලික ගෙවීමක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට අධිකරණය තවදුරටත් නියෝග කළේය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු ශිරාන් ගුණරත්න, විනිසුරු අචල වෙන්ගප්පුලි සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකරගේ සභාපතිත්වයෙන් යුත් MV X-Press Pearl වන්දි කොමිසමක් පිහිටුවීමට ද නියෝග කළේය.

මේ අතර, නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අධීක්ෂණ පියවර ගැනීමට අපොහොසත් වීම සහ එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.



අදහස් (1)

එක්ස්ප්‍රෙස් පර්ල් හානියට ඩොලර් බිලියනයක් ගෙවන්න කියයි

Achi Thursday, 24 July 2025 01:55 PM

රනිල් මහින්දලා ඒකත් අපෙන් අරන් ඇති....

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 83 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 311 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site