(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාල කල්ලි නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම චූටි නැමැත්තා මීට දින තුනකට ඉහතදී ඕමානයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පාතාල මර්දන කටයුතුවල නිරත උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මිදිගම චූටි ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන පවා නිකුත් කෙරුණු අයකු බව කියති.
නදුන් චින්තක හෙවත් හරක්කටා සහ මිදිගම රුවන් නමැති පාතාල නායකයන් සමග එක්වී කටයුතු කළේ යැයි කියන මිදිගම චූටි නැමැත්තා ඩුබායි රටේ සැඟව සිට පසු ඕමානයට පලා ගොස් සිටින්නකු බව පොලිසිය වැඩිදුරටත් කීය.
නදුන් චින්තක නමැත්තා මැඩගස්කරයේදී ද මිදිගම රුවන් නමැත්තා ඩුබායිහිදීද අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඉකුත්දා මෙරටට රැගෙන එනු ලැබූහ.
මෙම පාතාල නායකයන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් පසු මිදිගම චූටි නැමැත්තා ඕමානයට පලා ගොස් සැඟවී මෙරට සිටින ඔහුගේ ගෝල බාලයන් යොදවා දකුණු පළාතේ මනුෂ්‍ය ඝාතන කිරීම් සහ ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මිදිගම චූටි ඕමානයෙදී අල්ලයි