IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පතුරොම් සහිත උණ්ඩ ගැබ හිටපු ඇමැති පෞද්ගලික ලේකම්ගේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ නුවර මාර්ගයේ 76 කණුව  අවන්හලක් අසල මාර්ගයේ තිබි හමුවූ 9 එම් එම් වර්ගයේ පතරොම් 15 ක්  සහිත උණ්ඩ ගැබ හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුද්ගලික   ලේකම්ගේ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස්  මූලස්ථානය කියයි‍.

ඉකුත් 6 වෙනිදින  එම පතරොම් සහිත උණ්ඩ ගැබ හමුවිය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ කෑගල්ල  පොලිසිය  මෙම පතරොම්  ගැබ ගලිගමුව අබන්පිටිය පදිංචි  හර්ෂ රගුනාථ සියඹලා පිටිය යන අයගේ බවට අනාවරණය කර කරගෙන තිබු අතර 2008 වර්ෂයේ අමාත්‍යවරයකුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරමින් සිටි කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කල පිස්තෝල ගිනි අවියට අමතරව තබා ගත් මැගසිනය බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයාගේ සහෝදරයෙකු  වන හර්ෂ රගුනාථ සිඹලා පිටිය යන අය   පිස්තෝල අවිය දමා තිබූ බෑගයේ සිපරය විවෘත වීමෙන් පතොරම්  ගැබ නොදැනුවත්ව වැටුණු බවට පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙමින් වැඩිදුරටත් පවසා ඇත.

 



අදහස් (1)

පතුරොම් සහිත උණ්ඩ ගැබ හිටපු ඇමැති පෞද්ගලික ලේකම්ගේ

ravin Sunday, 13 July 2025 06:57 PM

පුදුමයි, ඒත් ඇත්තයි නේද? පහුගිය දවස්වල කිව්වා නේද සියලු ආයුධ නැවත බාර දුන්නාය කියලා...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site