IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එක්ස්ප්‍රෙස් පර්ල් හානියට ඩොලර් බිලියනයක් ගෙවන්න කියයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් රාජ්‍ය නොවන පාර්ශවයන්ට සිදු වූ හානි සඳහා වන්දි වශයෙන් වසරක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 1ක මූලික ගෙවීමක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට අධිකරණය තවදුරටත් නියෝග කළේය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු ශිරාන් ගුණරත්න, විනිසුරු අචල වෙන්ගප්පුලි සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකරගේ සභාපතිත්වයෙන් යුත් MV X-Press Pearl වන්දි කොමිසමක් පිහිටුවීමට ද නියෝග කළේය.

මේ අතර, නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අධීක්ෂණ පියවර ගැනීමට අපොහොසත් වීම සහ එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.



අදහස් (1)

එක්ස්ප්‍රෙස් පර්ල් හානියට ඩොලර් බිලියනයක් ගෙවන්න කියයි

Achi Thursday, 24 July 2025 01:55 PM

රනිල් මහින්දලා ඒකත් අපෙන් අරන් ඇති....

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 2 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site