IMG-LOGO

රාජ්‍ය ආයතන 20ක් වසර දහයකදී රුපියල් කෝටි 194,600ක් පාඩු ලබලා

  • ලංවිම, තෙල් සංස්ථාව, ශ්‍රීලංකන් ලැබූ අලාභය මුළු පාඩුවෙන් සියයට 95 ක්
  • තෙල් සංස්ථාව වසර පහකදී ලැබූ පාඩුව රුපියල් කෝටි 83,766 ක්

උපුල් වික්‍රමසිංහ

වර්ෂ 2015-2024 දක්වා ගත වූ වසර දහයක කාලයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, ලංකා සතොස සමාගම ඇතුළු උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ව්‍යවසායයන් 20 කට ආසන්න ප්‍රමාණයක් රුපියල් කෝටි 194,600 ක් පාඩු ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ වාර්තා පිරික්සීමේ දී පැහැදිලි වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ ඉරිදා ලංකාදීපයට පැවසීය.

එම පාඩුවෙන් සියයට 43 ක දායකත්වයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් සියයට 29 ක දායකත්වයක් ලංකා විදුලි බල මණ්ඩලයත් සියයට 21 ක දායකත්වයක් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ආයතනයත් දක්වා ඇතැයි කී මහාචාර්යවරයා ඒ අනුව එම ආයතන තුනෙහි මුළු දායකත්වය සියයට 95 ක් බව ද සඳහන් කළේ ය.

උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ව්‍යවසායයන් 52 ක් ඇති බවත් ඒවායෙන් ආයතන 15 ක් 2015 වෙනවිට ලබා තිබූ මුළු අලාභය රුපියල් කෝටි 4,543 ක් බවත් එම අගය 2022 වෙන විට කෝටි 99,001 දක්වා වර්ධනය වී ඇති බවත් හෙතෙම හෙළි කළේ ය. අදාළ වසර දහයක කාලයෙන් වසර හතක් ලංකා විදුලි බල මණ්ඩලය අලාභ ලබා ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 56,868 කි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසර 5 ක් පාඩු ලබා ඇති බව ද එහි වටිනාකම රුපියල් කෝටි 83,766 ක් බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ ය. 

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ආයතනය එම වසර දහයක කාලයෙන් වසර නවයක් පාඩු ලබා ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 42,004 කි.

එහෙත් 2023 හා 2024 වර්ෂවලදී ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව ද හේ කීවේ ය.

ඊට අමතරව කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය අදාළ වසර දහයක කාලයේ දී රුපියල් කෝටි 1,148 ක් ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් කෝටි 1,203 ක් ද ලංකා සතොස සමාගම රුපියල් කෝටි 1,722 ක් ද රාජ්‍ය සංවර්ධන සහ ඉදිකිරීම් සංස්ථාව රුපියල් කෝටි 506 ක් ද හෝටල් සංවර්ධන පෞද්ගලික සමාගම රුපියල් කෝටි 385 ක් ද වශයෙන් පාඩු ලබා ඇත. ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (රුපියල් කෝටි 291), ස්වාධීන රූපවාහිනී ජාලය (රුපියල් කෝටි 272), ශ්‍රී ලංකා ගුවන් විදුලිය (රුපියල් කෝටි 136) යන ආයතන ද පාඩු ලබා ඇති බව කී මහාචාර්යවරයා මෙපරිදි රාජ්‍ය ආයතන විශාල වශයෙන් පාඩු ලැබීම රාජ්‍ය අයවැය මත විශාල පීඩනයක් ඇති කරන්නක් බව ද පැවසීය.



අදහස් (0)

රාජ්‍ය ආයතන 20ක් වසර දහයකදී රුපියල් කෝටි 194,600ක් පාඩු ලබලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1448 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site