සුජිත් හේවාජුලිගේ
ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලියෙන් පසු සෙසු දේශපාලන පක්ෂ ද රට පුරා මහජන රැලි පවත්වමින් දේශපාලන ප්‍රචාරක වැඩපිළිවෙළ වේගවත් කිරීමට තීරණය කර ඇත.
මේ අනුව සමග ජන බලවේගය ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව පුළුල් ප්‍රචාරක වැඩසටහනක් ජනවාරියේ අරඹන බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැවසීය.
එසේම ඒකාබද්ධ විපක්ෂයේ රැලිය මෙන් ප්‍රධාන රැලියක් ද නුදුරේදීම සංවිධාන කිරීමට එම පක්ෂය බලාපොරොත්තුවේ.
මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ප්‍රතිපාදන සොයා ගැනීමේ කටයුතු ද ආරම්භ කළ බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලියට ජනතාව කොපමණ සහභාගී වූයේද යන්න ගැන රජයේ බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. එම විමර්ශන කණ්ඩායම ඒ පිළිබඳව රජයට ඉදිරි දිනවල වාර්තාවක් භාරදීමට නියමිතය.
නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසුවේ එම රැලිය රජයේ වැඩපිළිවෙළට කිසිදු අභියෝගයක් නොවෙන බවයි.
දූෂණයෙන් වංචාවෙන් තොර ආණ්ඩුවේ අවංක දේශපාලන ගමනට සැබෑ දේශප්‍රේමී ජනතාවගේ සහාය දිගටම පවතින බවත් චෞර වළල්ලකට රට භාරදීමට මේ රටේ ජනතාව නැවත කිසිසේත්ම සූදානම් නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නුගේගොඩ රුලියේ ඔළු ගෙඩි ගනින්න බුද්ධි මෙහෙයුමක්