සුජිත් හේවාජුලිගේ
සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති.
සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126 ක් වැය කර ඇතැයි පවසන විගණන කාර්යාලය, සවිබලගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇති බවද සඳහන් කරයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2020, 2021 සහ 2022 වර්ෂවලදී පිළිවෙළින් සමෘද්ධිලාභීන් 1958ක්, 18629ක් සහ 21189ක් වශයෙන් හඳුනාගෙන තිබූ බවත්, වාර්ෂිකව සවිබල ගැන්වූ ප්‍රතිලාභීන් පිළිබඳ නිශ්චිත ඉලක්ක ඇතුළත් සැලැස්මකට අනුකූලව කටයුතු කර නොතිබූ බවත් එම වාර්තාවේ දැක්වේ.
සමෘද්ධිලාභීන් සවි බල ගැන්වීම සඳහා රජය වාර්ෂිකව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට සාපේක්ෂව දෙපාර්තමේන්තුවේ සවිබලගැන්වීම අවම මට්ටමක පැවතුණු බව එම වාර්තාව සඳහන් කරයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල නියැලී සිටින ප්‍රතිලාභීන් 1112 දෙනකුගේ සමෘද්ධි සහනාධාර ඉවත් කිරීමට කටයුතු කළ යුතු වුවත් ග්‍රාමීය කමිටු ඒ සඳහා නිර්දේශ ලබාදී නොතිබූ බවද ජාතික විගණන කාර්යාලය පවසයි.
මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම
ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරින් ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග 2024 දී සිදු කළ වෙළෙඳ ගනුදෙනු වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි. ඩොල
ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් ඉන්දිය රජයෙන් පමණක් නොව, පාකිස්ථාන රජයෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. ඇ
පළාත් පාලන ආයතනවල බහුතර බලය හිමි කර ගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තෝරා පත් කරන සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන දැනුම් දීමට
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දුප්පතුන් ලක්ෂ 3ක් ගොඩ ගන්න බැරිවෙලා