උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරින් ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග 2024 දී සිදු කළ වෙළෙඳ ගනුදෙනු වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි. ඩොලර් බිලියන2.8 ක් වශයෙන් 2023 දී වාර්තා වූ වෙළෙඳ හිඟය 2024 දී ඩොලර් බිලියන 4.1 දක්වා ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව කියයි.
ඉංජිනේරු උපකරණ හා ඉදිකිරීම් ද්‍රව්‍ය (යකඩ සහ වානේ) ආනයන වියදම් ඉහළ යෑම මෙලෙස චීනය සමග වෙන වෙළෙඳ හිඟය ඉහළ යෑමට හේතු වූ බව ද එම වසරේ දී චීනය වෙත ශ්‍රී ලංකාව කළ අපනයන පහළ අගයක පැවති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.
චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය මන්දගාමී මට්ටමක පැවති බවත් ඉන්දු- ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව 2024 වසරේ දී ඉන්දියාවට කළ අපනයන පහළ වැටුණු බවත් එම වාර්තාව අනාවරණය කරයි. ඉන්දියාව සමග ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡාවන්හි 13 සහ 14 වැනි සාකච්ඡාව 2024 වසරේ දී පැවැති බවත් බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව සමග වරණීය වෙළෙඳ ගිවිසුම්වලට අදාළ සාකච්ඡා අඛණ්ඩව පැවති බවත් මහබැංකුවේ 2024 වාර්ෂික වාර්තාව පවසයි.
මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම
ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරින් ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග 2024 දී සිදු කළ වෙළෙඳ ගනුදෙනු වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි. ඩොල
ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් ඉන්දිය රජයෙන් පමණක් නොව, පාකිස්ථාන රජයෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. ඇ
පළාත් පාලන ආයතනවල බහුතර බලය හිමි කර ගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තෝරා පත් කරන සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන දැනුම් දීමට
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඩොලර් බිලියන 4.1ක ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග කළ ගනුදෙනුවලින් - ශ්‍රී ලංකා මහ බැංකුව