IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස නිලංග දෑල යළිත් පත්වෙයි

මහනුරව ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වැඩි ඡන්ද 145 ක් ලබා තේරී පත්විය. පසුගිය සිකුරාදා (07දා) පැවති නිලවරණයේ දී ඔහු ඡන්ද 195 ක් ලබා ගැනීමට සමත් විය.

මීට පෙර අවස්ථා දෙකකදී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් නිලංග දෑල තවත් වසර 10 ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කරනු ඇත. මේ අනුව වාර්තාගත 30 වසරක කාලයක් දියවඩන නිලමේ තනතුරේ කටයුතු කිරීමේ අවස්ථාව නිලංග දෑල දියවඩන නිලමේවරයාට හිමිව තිබේ. 

මෙම නිලවරණයේ දී මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ. එම්. දමින්ද බණ්ඩාර උඩුරාවණ ඡන්ද 50 ක් හිමිකරගත් අතර මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ. ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක ඡන්ද 13 ක් හිමිකරගත්තේය. 

මෙවර නිලවරණයට අපේක්ෂකයන් හත්දෙනෙකු ඉදිරිපත් වූ අතර ඉන් සිව් දෙනෙකුගේම නම් හෝ ඡන්ද විමසීම වෙනුවෙන් යෝජනා නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

 



අදහස් (0)

දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස නිලංග දෑල යළිත් පත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 684 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1730 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site