සුජිත් හේවාජුලිගේ
ජනාධිපති අරමුදල පසුගිය කාලයේදී පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පනස් හය දෙනකුට නීතියට පිටින් වෛද්‍යාධාර ලෙස රුපියල් කෝටි 13කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මූල්‍යාධාර ලබා ගැනීමට අදාළ අයැදුම් පත්‍රය, මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම් වාර්තාව, මූල්‍ය වත්කම් සහ වෛද්‍ය ආධාර මුදල් සීමා ආදිය සලකා බැලීමකින් තොරව එම වෛද්‍යාධාර මුදල් ගෙවා තිබූ බව එහි දැක්වේ. ඉහත මූල්‍යාධාර ගෙවීම් කර ඇතැයි පැවසෙන්නේ පසුගිය 2005 සිට 2024 කාල පරිච්ඡේදයේදී ය.
එසේම ජනාධිපති අරමුදලෙන් ණය ලබාදීමට ප්‍රතිපාදන නොතිබුණ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටියකට වැඩි වෛද්‍යාධාර මුදලක් ලබාදී මෙම මුදල නැවත අයකරගෙන නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.
හිටපු අගමැතිවරයකුට වෛද්‍ය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ජනාධිපති අරමුදලෙන් පනතේ ප්‍රතිපාදනවලට පිටින් ලබා දී ඇත. ඉන් රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයකට වැඩි මුදලක් නැවත අය කර ගැනීමේ පදනමින් ලබාදී තිබුණ ද එම මුදල ද අය කරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර විධිමත් ගිවිසුමක් ද නොතිබූ බව එහි සඳහන් වේ. මෙම තොරතුරු සඳහන් වන්නේ ජනාධිපති අරමුදලේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේ ය.
2025 දෙසැම්බර් මස 18
629
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති අරමුදලෙන් හිටපු මන්ත්‍රීන් 56කට කෝටි 13ක් බෙදලා