සමගි ජන බලවේග මහලේකම් කියයි

(දයාසීලි ලියනගේ)
සීනි බද්ද සත 25 දක්වා අඩු කරනු ලැබූ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිට පසුගිය ජූලි මාසය දක්වා රජයට සිදුවූ අලාභය රුපියල් බිලියන 35ක් බව අලුතෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.
මහ බැංකුවේ හිටපු ආර්ථික විශේෂඥයන් පිරිසක් මෑතකදී කරන ලද සොයා බැලීමේදී මේ බව අනාවරණය වූයේ යැයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
පසුගිය වසරේ සීනි මෙට්‍රික් ටොන් 266,000ක් ද මේ වසරේ මෙට්‍රික් ටොන් 433,000ක් ද ආනයනය කර ඇති නිසා සමස්ත සීනි ආනයනය සම්බන්ධයෙන් කරන ලද ගණන් බැලීමේදී රජය මෙම පාඩුව ලබා ඇති බව ඔවුන් පෙන්වා දී ඇතැයි ඔහු කීය.
ඒ අනුව ආනයන බද්ද සත 25 දක්වා අඩු කිරීමේ පාඩුව රුපියල් බිලියන දාසයක් නොව බිලියන 35ක් බව ද මද්දුම බණ්ඩාර මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
106
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සත විසිපහට සීනි බදු අඩු කිරීමේ අලාභය බිලියන තිස්පහයි