(අජන්ත කුමාර අගලකඩ)
රෙදි පිළි සාප්පුවලින් ඇඳුම් මිලදී ගැනීමේදී ඇඳුම් හැඳ බැලීම සහ මිලදී ගනු ලබන ඇඳුම් නැවත මාරු කිරීම නොකළ යුතු යැයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.
කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවට ද එය ඇතුලත් කර තිබේ.
වෙළෙඳසල තුළ ඇඳුම් ඇඳ බැලීම දිරිමත් නොකළ යුතු බවත් ඇඳුම් නැවත මාරු නොකිරීමේ දැඩි ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් එම උපදෙස් මාලාවේ සඳහන් වේ.
ඒ බව රෙදි පිළි සාප්පුවල විවිධ ස්ථානයන්හි ඇඳුම් ඇඳ බලන කාමරවල සහ මුදල් ගෙවන ස්ථානවල ප්‍රදර්ශනය කළ යුතු යැයිද එහි සඳහන් කර ඇත.
ගනුදෙනුකරුවන් සාප්පුවලට ඇතුළු වීම පාලනය කිරීම සහ වෙළෙඳ සංකීර්ණයේ හෝ වෙළෙඳසලේ සිටින ගනුදෙනුකරුවන් ගේ සංඛ්‍යාව අවම කළ යුතු යැයිද එම උපදෙස් මාලාවේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රෙදි පිළි සාප්පුවලටත් අලුත් නීති