
සුජිත් හේවාජුලිගේ
මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 7000ක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.
හිඟ මුදල් ගෙවීමට ඇති කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැඩි පිරිසක් මාර්ග ව්‍යාපෘති ලක්ෂයේ වැඩ සටහනට දායක වූ අය බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් අධිවේගී මාර්ග ඇතුළු මාර්ග ඉදිකිරීම් කටයුතු බොහොමයක් නවතා දමා ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් අලුතින් මාර්ග ඉදිකිරීම් තාවකාලිකව නවතා ඇති බවයි.
කෙසේ වෙතත් මාර්ග අලුත්වැඩියා කටයුතු දිගටම කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා විදේශයෙන් භාණ්ඩ ගෙන්වීම ද ඩොලර් ප්‍රශ්නය නිසා අඩාළ වී ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්ග කොන්ත්‍රාත්කරුවන් 400ක ගේ ‘‘හිඟ පොල්ල’’ කෝටි හත්දාහට නගී ,කැඩුණු මාර්ගවලට පැච් විතරයි