මුදල් අමාත්‍යාංශය

දයාසීලි ලියනගේ
පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවන අතර එයින් යළි රටේ බඩු මිල දෙතුන් ගුණයකින් ඉහළ යාමත් උද්ධමනය වැඩිවීමත් සිදුවන බව මුදල් අමාත්‍යාංශය විශ්වාස කරයි.
මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය මාස 6 ක කාලය තුළ මුදල් අච්චු ගැසීම අඩුකර ගැනීම නිසා උද්ධමනය පහළට වැටී. බඩු මිලද සාමාන්‍ය අඩුවීමක් සිදුවූ බවය. මැතිවරණය සඳහා මුදල් අච්චු ගැසීම තුළින් රටේ ආර්ථිකය දැඩි අවදානමකට ලක්වන බව මුදල් අමාත්‍යංශ නිලධාරීන් පෙන්වාදී ඇත. පවතින ආර්ථික තත්ත්වය නිසා සම්ප්‍රදායානුකූලව සිදුවූ මුදල් ගෙවීම්වල යම් වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා කීය.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් එයට බාධා නොකරන අතර ඡන්දය පැවැත්වීම සඳහා යම් සම්මුතියකට ඒම වැදගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd