අගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්
(අජන්ත කුමාර අගලකඩ)
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාට ඔහු ඇමැතිවරයකු වශයෙන් සිටියදී භාවිත කළ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දරන තෙක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට විශාල කාර්යභාරයක් පැවරී ඇති බැවින් ඔහුට ආණ්ඩුවේ නිල නිවසක් භාවිත කිරීමේ හිමිකම ද පවතී.
මේ අනුව ඔහු දැනට ද පදිංචි වී සිටින නිල නිවස ඒ සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd