IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දේශපාලන පක්ෂ රැසක ළඟදීම ලොකු ඔළුගෙඩි මාරුවක්

මැතිසබයටත් අලුත් තනතුරු

සුජිත් හේවාජුලිගේ

නව දේශපාලන පෙරළියත් සමගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක තනතුරු වෙනස්කම් ගණනාවක් ඉදිරි දිනවල සිදුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ. 

මීට අමතරව දේශපාලන පක්ෂ බොහොමයක ප්‍රතිපත්ති සහ වැඩ සටහන්වල වෙනසක් සිදු කිරීමට ද ඒ ඒ පක්ෂ විසින් සැලසුම් කරනු ලැබ ඇත.   
මේ අතර මතුවී ඇති දේශපාලන තත්ත්වය යටතේ ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂ මාරුවකට ද සූදානම් වන බව දැනගන්නට ඇත.   


ඒ සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇත.   


බල පෙරළියත් සමග පාර්ලිමේන්තුවේ තනතුරුවල ද මාරුවක් ඉදිරි දිනවල සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.   


විශේෂයෙන්ම සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු වෙනස් වීමට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.   


පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට නියමිත අතර එසේ වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තු කමිටු රැසක් අහෝසි වී යන්නේය. එසේ අහෝසි වී යන කමිටු නැවත පත් කරන අවස්ථාවේදී ඒ කමිටුවලට අලුත් සභාපතිවරුන් පත් කිරීමටද රජයේ අවධානය යොමු වී ඇත.



අදහස් (0)

දේශපාලන පක්ෂ රැසක ළඟදීම ලොකු ඔළුගෙඩි මාරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site