
(ඉන්දිකා රාමනායක)
මෙරට සිදුවෙන රිය අනතුරු අතරින් මාරක රිය අනතුරු වැඩිම සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ සිංහල-හින්දු අලුත් අවුරුදු සමය තුළ බව පොලිස් මූලස්ථානය කියයි.
අප්‍රේල් මස 10 වැනි දින සිට 20 දින දක්වා කාලය තුළ මෙම මාරක රිය අනතුරු වාර්තා වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ඉරිදා ලංකාදීපය’ ට පැවසීය.
පසුගිය 2017 වසරේ ඉහත දින තුළ මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 136 දෙනෙක් මියගොස් සිටි බව ද එම නිලධාරියා කීය.
පොලිස් සංඛ්‍යා ලේඛන අනුව 2013 වසරේ සිට මේ දක්වා අවුරුදු සමය තුළ සිදු වූ අනතුරුවලින් මියගිය සංඛ්‍යාව මෙසේය.
2013- මියගිය සංඛ්‍යාව 91 ද, 2014- 104 ද, 2015- 99 ද, 2016- 116 ද වශයෙන් මෙම අනතුරු වාර්තා වී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd