(අජන්ත කුමාර අගලකඩ)
අය-වැය කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙත් වැය ශිර්ෂ වෙනුවට එම අමාත්‍යාංශ දෙකට මුදල් වෙන් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
අය-වැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන සිකුරාදාට (05) පෙර හෝ ඉන් පසුව එම පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය. අය-වැය කාරක සභා අවස්ථාවේදී යම් අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් පරාජයට පත්වුවහොත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර මුදල් වෙන්කර ගැනීමට ස්ථාවර නියෝග අනුව හැකියාව තිබෙන බව හෙතෙම කීවේය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේත් ඊට උදාහරණ තිබෙන බව ඔහු සඳහන් කළේය.
අතුරු සම්මත ගිණුම හරහා ලබන අප්‍රේල් 1 වැනිදා තෙක් අමාත්‍යාංශවලට මුදල් වෙන්කර ඇති බැවින් එම ආයතනවල කටයුතුවලට මෙමගින් බාධාවක් නොවන බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැරදුණු වැයශිර්ෂ දෙකට සල්ලි අතුරු සම්මත ගිණුමකින්