(දයාසීලි ලියනගේ)
නීති විරෝධි තවුහිත් සංවිධානයක් සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සමාජ සේවා ආයතනයක් ලෙස ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.
මාලිගාවත්ත, සද්ධර්ම මාවතේ පිහිටි ලිපිනයකින් මෙම සමාජ සේවා ආයතනය ලියාපදිංචි කර තිබෙන බව දැන ගන්නට ඇත.
ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ උපදෙස් දීම මත මූලධර්මවාදී සංවිධාන ලියාපදිංචිය සිදු වී ඇති බව දැනගන්නට ඇත. අදාළ ලියකියවිලි නිශ්‍චිතව නැතත්, සමාජ සේවා ආයතන ලියාපදිංචි කිරීම සිදුවන බවද සඳහන් වේ. සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සමාජ සේවා සංවිධානයක් වශයෙන් ලියාපදිංචි වී සිටින ආයතනවලට විදේශවලින් බඩු ගෙන්වීමේදී බදු සහන සැලසීම ඇතුළු සහන රාශියක් හිමිවන බවද සඳහන් වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.