විවෘත කිරීමේ උත්සවයටත් කොඩිය නෑ
සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
අතිගරු යන නාමය, ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ මේ අනුවය.
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනයයි. එම ලාංඡනයද වේත්‍රධාරිවරයා විසින් පසුගියදා ඉවත් කරනු ලැබීය.
මේ අතර පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව පැවැත්වීමට නියමිත විවෘත කිරීමේ උත්සවයටද ජනපති ධජය මෙවර භාවිතා නොකිරීමට තීරණය කර ඇතැයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
341
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිසබයේ මහ පුටුවේ ජනපති ලාංඡනය ගලවයි