IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුරුණෑගල පුර සභාව පොහොර මල්ලෙනුත් කෝටියකට විදලා

පාර්ලිමේන්තුවේ විමර්ශන

(සුජිත් හේවාජුලිගේ)  

කුරුණෑගල මහ නගර සභාව කොම්පෝස්ට් පොහොර ඇසිරීම සඳහා යැයි පවසා කිසිදු අවශ්‍යතාවකින් තොරව ව්‍යාජ ආයතනයකින් පොලිසැක් මලු තොගයක් මිලදීගෙන සිදුකර ඇතැයි කියන රුපියල් කෝටියකට ආසන්න මූල්‍යමය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) විමර්ශනයක් අරඹා ඇත.  

මෙය කූට ලේඛන සකස් කර සිදුකළ මූල්‍ය අක්‍රමිකතාවක් බව විගණන දෙපාර්තමේන්තුව ලබාගෙන ඇති සාක්ෂි අනුව නිරීක්ෂණය වන්නේ යැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.  
විගණන දෙපාර්තමේන්තුව පසුගිය 1 වැනිදා ගබඩාව පරීක්ෂා කර ඇති අවස්ථාවේදී එහි තිබී ඇත්තේ පොලිසැක් මලු 15,350ක් පමණකි. එම මලු 70,350ක පමණ හිඟයක් පැවතුණු බව ද කෝපා වාර්තාවක සඳහන් වේ.  


මිල ගණන් ඉදිරිපත් කර ඇති ආකෘති පත්‍රවල දිනයන් වෙනස් කර ඇතැයි ද කමිටුව පවසයි.  


මෙම පොලිසැක් කවර මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුකුලව ලංසු සුරක්ෂණ සහ කාර්යසාධන සුරක්ෂණ ලබාගෙන ගිවිසුම්වලට එළැඹ ​නොතිබූ බව ද කෝපා කමිටු විමර්ශනවල දී තොරතුරු හෙළි වී ඇත.  


මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පළාත් ප්‍රධාන ලේකම්වරයාට නියෝග කර ඇත.  

 



අදහස් (0)

කුරුණෑගල පුර සභාව පොහොර මල්ලෙනුත් කෝටියකට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site