
සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබා දී ඇති නිවාස එකසිය දහයෙන් හැටකට ආසන්න සංඛ්‍යාවක රැඳී සිටින්නේ එම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්, හිතවතුන් සහ ආරක්ෂක නිලධාරීන් බව අලුත්ම කරුණු සොයා බැලීමක දී තොරතුරු අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
තවත් නිවාස කීපයක හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු රැඳී සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව මන්ත්‍රී නිල නිවාස පිටස්තර පුද්ගලයන්ට ලබා දීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම සියලුම මන්ත්‍රීවරුන්ට පසුගියදා යළි සිහි කැඳවීමක් කර ඇත.
මන්ත්‍රී නිල නිවාස සම්බන්ධයෙන් වෙනම ගිවිසුමක් පවතින අතර එම නිල නිවාස පිටස්තර අයට ලබාදීම තහනම් බව එහි පැහැදිලිවම සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මේ අතර නිල නිවාස ලබාගෙන සිටින රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ තවමත් රැඳී සිටින බව දැනගන්නට ඇත. මේ අයට ඉන් ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනටමත් දැනුම් දී ඇත.
කොළඹින් නිල නිවාස ලබාගෙන සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සිවු දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් පසුගිය දා ඉවත්ව ගිය බව එම පාර්ලිමේන්තු ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මන්ත්‍රී නිල නිවාස 110 න් 60කම ඥාතීන් හිතවතුන්