(දයාසීලි ලියනගේ)
කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක් අමාත්‍යංශයට අයත් නිල නිවාස තුනක් බාහිර පිරිස්වලට කුලියට දී ඇති බව වාර්තා වේ.
එම ඉහළම නිලධාරියකු මෙම නිවාසවල කුලී ලබාගෙන ඇති අතර ඒවායේ විදුලි බිල හා ජල බිල අමාත්‍යංශ මුදලින් ගෙවා ඇති බව දැන ගන්නට ඇත.
මෙම නිවාසවලින් දෙකක් අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක භූමියේ පිහිටා තිබෙන බව දැන ගන්නට ඇත.
මෙම නිවාස පිළිබඳව ඇමැති මහින්ද අමරවීර මහතාට පෙරේදා (8) පැමිණිලි කර තිබෙන අතර වහාම ඒ ගැන සොයා බලන ලෙසට ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd