උතුරු පළාත් සභාවේ යෝජනාවක්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඒ-9 මාර්ගයේ වව්නියාවේ සිට යාපනය දක්වා මාර්ගය දෙපස වාහන නවතා තැබීම තහනම් කිරීමේ යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කර තිබේ.
උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා විසින් පළාත් සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාව ඒකමතිකව පසුගියදා රැස්වූ පළාත් සභාවේදී අනුමත විය.
මේ සම්බන්ධව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් පොලිස්පතිවරයාගෙන් සහ වව්නියා, කිලිනොච්චි, යාපනය සහ මුලතිව් යන ප්‍රදේශවල නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු යොදා ඇත.
මෑත කාලයක සිට වව්නියාව සහ යාපනය අතර ඒ - 9 මාර්ගයේ නවතා තිබෙන වාහන සමග ගැටී සිදුවූ අනතුරු සංඛ්‍යාව ඉහළ යාම හේතු කොට ගෙන පළාත් සභාව විසින් මෙම යෝජනාව සම්මත කරගෙන තිබේ.
එම ප්‍රදේශයේ වාහන නතර කිරීම සඳහා වෙනමම ප්‍රදේශ නම් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ස්ථාන සකස් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහ අදාළ ප්‍රදේශවල පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටීමට ද උතුරු පළාත් සභාව කටයුතු කරමින් සිටියි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වවුනියාවේ සිට යාපනයට පාර දෙපස වාහන නැවතීම තහනම්