
දයාසීලි ලියනගේ
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය චීනයටත්, ලක්ෂපාන බලාගාරය කොරියානු සමාගමකටත් පැවරීම සඳහා වන ඉහළ පෙළේ සාකච්ඡා දැනට ආරම්භ කර ඇති බව වාර්තා වේ.
දැනට නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් නිපදවන විදුලිය ඒකකයක් රුපියල් 18ත් 20ත් අතර මිලකට රජය ලබාගන්නා අතර එම මිල රුපියල් 40ක් 50ත් අතර මිලකට ඉහළයාම හා එම අදාළ බලාගාරයේ ණය ප්‍රමාණය මත මිල ගණන් තීරණය කිරීමේ අවුල් සහගත තත්ත්වයක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැටලු විසඳාගත් වහාම නොරොච්චෝල බලාගාරය චීනයටම පැවරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත. මේ අතර ලක්ෂපාන බලාගාරය පැවරීම සඳහා කොරියානු සමාගමක් හා විදුලිබල අමාත්‍යාංශයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද වාර්තා වේ.
මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගන්නා ලද තීරණයට අනුව බලාගාර මිලදී ගැනීමට බලාපොරොත්තු වන විදේශ ආයතන විදුලි බිල වැඩි කරන ලෙස ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරොච්චෝල චීනයට ලක්ෂපාන කොරියාවට