IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


මහින්දානන්ද නලින් හිරගෙදර මුද්‍රණ වැඩට! ජම්පරයත් අන්දවයි...

සුජිත් හේවාජුලිගේ

බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරුණු මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් බොහෝ දුරට බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් අද හෙටම එම වැඩ පැවරීම කෙරෙනු ඇත. මේ අතර දඬුවම් නියම වුණු සිරකරුවන්ට නිකුත් කෙරෙන ‘ජම්පරය’ නමැති ඇඳුම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක පැවසීය.

එසේම  දෙදෙනා බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කළ බවද ඔහු සඳහන් කළේය.

2015 ජනාධිපතිවරණ සමයේ දී කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් නීති විරෝධී ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදා හැරීමෙන් රුපියල් කෝටි පහකට වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිතව  වසර 20ක සිර දඬුවමක්ද, සතොස  හිටපු සභාපති හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිතව වසර 25ක සිර දඬුවමක්ද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඉකුත් 29 වැනිදා නියම කරනු ලැබීය.

 



අදහස් (0)

මහින්දානන්ද නලින් හිරගෙදර මුද්‍රණ වැඩට! ජම්පරයත් අන්දවයි...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 406 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 466 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site