ෂේන් සෙනෙවිරත්න
මෙවර කන්ද උඩරට ඇසළ පෙරහර සංවිධානය කිරීමේ දී ඊට සහභාගි කරවන අලි ඇතුන්ගේ උග්‍ර හිඟයක් මතුව තිබෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.
දියවඩන නිලමේවරයා ඒ බව අවධාරණය කර සිටියේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ රන් ආයුධ මණ්ඩපය ආසන්නයේ ඇති රැස්වීම් ශාලාවේ දී මෙවර දළදා පෙරහර සම්බන්ධ දින වකවානු ප්‍රකාශයට පත් කිරීම සඳහා රාජයේ නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධ අනෙකුත් පාර්ශ්ව වල සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
එහිදී දියවඩන නිලමේවරයා අවධාරණය කර සිටියේ ගිය වසරේ පෙරහර කරන විට මෙරට හීලෑ අලි ඇතුන් 96 දෙනෙකු සිටි බවත් මේ වෙන විට ඉන් අලි ඇතුන් 05 දෙනෙකු මියගොස් ඇති බවත්ය.
හීලෑ අලි ඇතුන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී පෙරහර මංගල්‍යය පැවැත්වීම දැඩි දුෂ්කර වනු ඇති බවත් ඊට දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍ය කරන බවත් දියවඩන නිලමේවරයා පැවසීය.
මෙවර ඇසළ පෙරහර පුණ්‍යෝත්සවය ජූලි මස 25 වැනි දින පාන්දර 6.05 ට යෙදෙන සුබ මුහුර්තියෙන් සිව් මහා දේවාලයන්හි කප් සිටු වීමෙන් අනතුරුව අභ්‍යන්තර පෙරහර 05 ක් පැවැත්වීමෙන් පසු ජූලි මස 30 වැනි දින ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.
අගෝස්තු මස 04 වැනි දින ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය. අගෝස්තු මස 08 වැනිදා නිකිණි පුන් පොහෝ දින අවසන් රන්දෝලි මහ පෙරහර පවත්වා පසුදින (09දා) පාන්දර දිය කැපීමෙන් අනතුරුව පසුදින (09දා) දහවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු දළදා මාලිගා චතුරස්‍රයේ තුන් වටක් පෙරහර පැවත්වෙයි. පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා කළ බවට මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පෙරහර සංදේශය භාරදීමෙන් පසු පෙරහර මංගල්‍යය නිමාවීමට නියමිතය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මෙවර දළදා පෙරහර පැවැත්වීමේදී අලි-ඇතුන් හිඟයක්