IMG-LOGO

ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට 68ක් පරිසරයට මුදා හැරීමෙන් සෞඛ්‍ය අවදානමක්

  • එකතු කරන අපද්‍රව්‍ය ටොන් 180,000 කින් ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ ටොන් 27,000 යි

ලවංගා මාධවී දෑරංගල

ශ්‍රී ලංකාවෙහි වාර්ෂිකව ජනනය වෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 249,037 කින් සියයට 68 ක් (ටොන් 169,415) නිසි කළමනාකරණයකින් තොරව පිළිස්සීම හෝ නීතිවිරෝධි ලෙස බැහැර කිරීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් උද්ගත වී ඇති බව පරිසර අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දත්ත වාර්තාව සඳහන් කරයි.

එහි සඳහන් පරිදි සමස්ත ජනගහණයෙන් සියයට 82 ක් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශවල අපද්‍රව්‍ය කළමනාකරණය පවතින්නේ අතිශය දුර්වල තත්ත්වයක ය. බැහැර කරනු ලබන සමස්ත අපද්‍රව්‍යවලින් එකතු කරනුයේ සියයට 73 ක් (ටොන් 181,000) වෙන අතර ඉන් ප්‍රතිචක්‍රීකරණය කරනුයේ සියයට 11 ක් (ටොන් 27,000) පමණ කොටසකි. එය ද බොහෝ දුරට සිදුවනුයේ නාගරික ප්‍රදේශවල ය.

එසේ ම අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රවාහනය සහ බැහැර කිරීමේ ක්‍රියාවලියේ දී සියයට 41 ක් (ටොන් 101,450) පමණ කාන්දු වන අතර එය පරිසරයට ප්‍රබල අහිතකර බලපෑමක් එල්ල කරන බව ද එම වාර්තාවෙහි සඳහන් වෙයි.

උද්ගත වෙමින් පවතින මෙම අර්බුදයට මුහුණ දීම සඳහා අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රතිචක්‍රීකරණ යටිතල පහසුකම් සහ නිසි බැහැර කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බව එම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.

 



අදහස් (0)

ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට 68ක් පරිසරයට මුදා හැරීමෙන් සෞඛ්‍ය අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1175 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 472 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 572 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site