IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


පාතාලයෝ රට පනින මුහුදු මාර්ග පහකට උඩින් ගොඩින් මෙහෙයුම්

සුජිත් හේවාජුලිගේ

පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට පැන යෑමට සහ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් සඳහා නිතර යොදා ගන්නා බවට රජයේ බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගනු ලැබ ඇති යාපනය, හලාවත, දෙවුන්දර ඇතුළු මුහුදු මාර්ග පහක් ඉලක්ක කර ආරක්ෂක මුරකාවල් දැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

මෙම මුහුදු කලාප ඉලක්ක කර නාවික සහ ගුවන් මෙහෙයුම් ද වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ධීවර බෝට්ටු යොදා ගනිමින් කෙරෙන මිනිස් ජාවාරම් නැවතත් වැඩි වී ඇති අතර යාපනය සහ හලාවත මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් එම ජාවාරම් වැඩි වශයෙන් සිදුවෙන බව ආරක්ෂක අංශ නිලධාරීහු පෙන්වා දෙති.

ඉතාලිය සහ ඔස්ට්‍රේලියාව යනාදී රටවල් බලා යාත්‍රා කිරීම වෙනුවට  හලාවත ප්‍රධාන වයඹ සහ බටහිර වෙරළ තීරයේ සිට ප්‍රංශයට අයත් ‘රීයූනියන් (Reunion)’  දූපතට නීතිවිරෝධී ලෙස බෝට්ටුවලින් පලා යෑමේ වැඩි ප්‍රවණතාවක් මෑතක සිට දක්නට ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් ද ඉහළ ගොස් ඇති බව බුද්ධි අංශ සඳහන් කරයි.

පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඉෂාරා සෙව්වන්දි සහ තවත් පාතාලකරුවන් රැසක් හොර රහසේ ධීවර බෝට්ටු යොදාගෙන ඉන්දියාවට පැන ගොස් ඇත්තේ ද යාපනය මුහුදු තීරයෙන් බව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණය වී ඇත.

මුල් කාලයේ දී මෙම මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට පැමිණියේ හෙරොයින් වුවත් දැන් වැඩි වශයෙන් පැමිණෙන්නේ කේරළ ගංජා සහ විවිධ වේදනානාශක ඖෂධ වර්ග බව පැවසේ. මෙම ඖෂධ කරල් ගෙන්වීමේ ජාවාරම පිටුපස ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ද සිටින බවට රජයේ බුද්ධි අංශවලට තොරතුරු අනාවරණය වී ඇත.

මෙයට අමතරව ඉන්දියාවේ සිට යාපනය මුහුදු තීරය හරහා කහ සහ ඉඟු‍රු ජාවාරමක් ද සුලභව සිදුවන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මේ අතර පාතාලකරුවන් සහ විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  විදේශයන්ට කැටුව යන ධීවරයන් පිරිසක් පිළිබඳව ද බුද්ධි අංශවල අවධානය යොමුව ඇත.

 



අදහස් (0)

පාතාලයෝ රට පනින මුහුදු මාර්ග පහකට උඩින් ගොඩින් මෙහෙයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site