අංජුල මහික වීරරත්න
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා ඇෙමරිකානු ආධාර වැඩසටහන එකඟතාව පළ කර තිබේ.
මෑත කාලයේ විශ්‍රාම ලැබූ නීති කෙටුම්පත් සම්පාදකයන්ට සහ නීති පරිවර්තකයන්ට ලෝක බැංකුව සහ ඇමරිකා ආධාර වැඩසටහනින් වැටුප් හා දීමනා ගෙවා ඔවුන් සේවයට බඳවා ගැනීමට මෙහි දී තීරණය වී ඇත.
ලෝක බැංකු නිලධාරීන් හා ඇමරිකා ආධාර වැඩසටහනේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැත් වූ සාකච්ඡාවක දී මෙම එකඟතාව පළවී ඇත.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේ මූලික පියවර ලෙස නීති කෙටුම්පත් සාම්පාදකයන්ගේ හා නීති පරිවර්තකයන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට තීරණය වී තිබේ.
නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් යටතේ නව නීති සම්පාදනය කිරීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් තීන්දු වී ඇති නමුත් ඒවා කඩිනමින් ඉටු කිරීමට අදාළ පුරප්පාඩු බාධාවක් බව සාකච්ඡා විය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නව නීති හැදීමට ලෝක බැංකු හා ඇමෙරිකානු ආධාර