IMG-LOGO

ධීවර අමාත්‍යාංශය සමාගමකට දුන් කෝටි පහක් අපතේ යයි - විගණනයෙන් විමර්ශනයක්

සුජිත් හේවාජුලිගේ

ධීවර අමාත්‍යාංශය 2014 දී ගාල්ල, කයිකාවල මුහුදු ප්‍රදේශයේ නැංගුරම්පොළක් ඉදි කිරීමට කොන්ත්‍රාත් සමාගමකට ගෙවා ඇති රුපියල් කෝටි පහක පමණ අත්තිකාරම් මුදලක් එම සමාගමෙන් මෙතෙක් ආපසු අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ඉදිකිරීම් කටයුත්ත ඉදිකිරීම් බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් ආරම්භයේදීම නවතා දමා තිබූ බව එම වාර්තාවේ දැක්වේ. නැංගුරම්පොළ වසරක් ඇතුළත ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් සමාගම සමග පැකේජ දෙකක් යටතේ ගිවිසුම්වලට එළඹ තිබුණේ 2014 වසරේදීය.

එම ගිවිසුම් අනුව කොන්ත්‍රාත්තු දෙකේ වටිනාකම රුපියල් කෝටි 24කට වැඩි බව විගණන කාර්යාලය පවසයි. අත්තිකාරම් මුදල ගෙවා වසර නවයක් ගත වී තිබුණද එම මුදල අයකරගෙන නැතැයි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.

 

 

 



අදහස් (0)

ධීවර අමාත්‍යාංශය සමාගමකට දුන් කෝටි පහක් අපතේ යයි - විගණනයෙන් විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 667 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1068 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site