සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ප්‍රදේශය රාජපක්ෂවරුන් අවුරුදු 99කට බදු දී ඇත්තේ රුපියල් 10,000කට බව ප්‍රවාහන මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (20දා) පැවසීය.
එසේම සමහරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඉදි කර ඇත්තේ තමන්ගේ ගෙවල්වලට යෑමට බව පැවසූ අමාත්‍යවරයා එම මාර්ගයට බිලියන ගාණක් නාස්ති කර ඇතැයිද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
“දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස කෙරුණු කටයුතු ගොඩක් තියෙනවා. එම මාර්ගයටම තියෙන්නේ එකම එක විවේක ප්‍රදේශයයි. ඒ මුළු ප්‍රදේශයම අවුරුදු අනූ නවයටම බදු දීල තියෙන්නේ රුපියල් 10,000කට. රාජපක්ෂල තමයි මේවා කළේ. අපිට අද බණ කියනවා. සමහර අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදලා තියෙනවා. වෙන් කරපු නම් කරපු විවේක කලාප හදන්න රාජපක්ෂවරුන්ගේ ගෝල බාල නිලධාරීන් ඉඩ දුන්නේ නෑ. මේකට බිලියන ගණනාවක් නාස්ති කරලා තියෙනවා. නාස්තිකාර වියදම් අපේ සැලසුම්වල නැහැ.”
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දක්ෂිණ අධිවේගී මාර්ගය: විවේක ප්‍රදේශය වසර 99 ටම බදු දී ඇත්තේ රුපියල් දහදාහකටයි