IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගිය මාස නවයට ඊශ්‍රායල සංචාරකයන් විසිදාහක් ඇවිත්

‍උපුල් වික්‍රමසිංහ සහ කෞශල්‍යා ලක්ෂානි
 සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව ජනවාරි මාසයේදී 773 ක් ද, පෙබරවාරි මාසයේදී 1988 ක් ද, මාර්තු මාසයේදී 2212 ක් ද, අප්‍රේල් මාසයේදී 3169 ක් ද, මැයි මාසයේදී 1506 ක් ද, ජූනි මාසයේදී 1515 ක් ද, ජූලි මාසයේදී 2962 ක් ද, අගෝස්තු මාසයේදී 3248 ක් ද සැප්තැම්බර් මාසයේදී 3142 ක් ද වශයෙන් ඊශ්‍රායල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ වනවිට මෙරට රැඳී සිටින සහ පිටව ගිය ඊශ්‍රායල සංචාරකයන් ප්‍රමාණය පිළිබඳ දැනගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. මේ අතර පසුගිය 24 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළේ දැනට රටේ ඊශ්‍රායල 
ජාතිකයන් 575 දෙනකු රැඳී සිටින බවට කරුණු තහවුරු වී ඇති බවයි.
දිවයිනේ රැඳී සිටින ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කරගෙන ආරුගම්බේ ඇතුළු සංචාරක ගමනාන්ත කිහිපයකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද බුද්ධි තොරතුරු මත මේ වන විට එම ස්ථානවල ආරක්ෂාව තර කර ඇති අතර පසුගිය 24 වැනිදා ඊශ්‍රායල ජාතිකයන් 22 දෙදෙනකු රටින් පිටව ගිය බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊශ්‍රායල ජාතිකයන් වැලිගම සහ ආරුගම්බේ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකිරීම් ආරම්භ කර ව්‍යාපාර කර ගෙනයන බවත්, මෙරට වීසා නීති උල්ලංඝනය කරමින් සියොන්වාදී ආගමික ඇදහීම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව ඉරිදා ලංකාදීපයට පැවසීය. 
ඊශ්‍රායාල ජාතිකයන් ඔවුන්ගේ යුද්ධයට අදාළ විවිධ දේවල් මෙරට සිට සමාජ මාධ්‍ය වෙත යොමු කර ඇති බව ද, සියොන්වාදී පුද්ගලයන් මෙරට සිට ඒ ආකාරයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සංචාරක කර්මාන්තයට තර්ජනයක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. 
මෙරටට පැමිණෙන ඊශ්‍රායල සංචාරකයන් ආරුගම්බේ සහ වෙරළාසන්න ප්‍රදේශවල සංචාරය කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක් පැවසුවාය. 
ඇතැම් ඊශ්‍රායල ජාතිකයන් රටේ විවිධ ප්‍රදේශවල නොයෙක් ව්‍යාපාර කටයුතුවල යෙදෙන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළේ, ඇතැම් සංචාරකයන් විවිධ ව්‍යාපාර කරමින් මෙහි රැඳී සිටින බවට තොරතුරු වාර්තා වී ඇතත්, ඊශ්‍රායල සංචාරකයන් එවැනි රැකියාවල නිරත වන බවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට තොරතුරු ලැබී නැති බවයි.

 

 



අදහස් (0)

ගිය මාස නවයට ඊශ්‍රායල සංචාරකයන් විසිදාහක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site