IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


එල්.ටී.ටී.ඊ.ය පණගන්වන්න තවත් වෑයමක්

ඉන්දියාවේදී කොටුවූ කොටින්ගෙන් හෙළි වූ රහස  

 

ඉන්දීය සාගරයේ හෙරොයින් ජාවාරම් වල නිරත ලාංකිකයින් ගැන ඉකුත් කාලයේදී වැඩිපුර අසන්නට ලැබුණේ ඒ සම්බන්ධව කලාපීය වශයෙන් දියත් වූ විශේෂ නාවික මෙහෙයුම් නිසාය. මේ ජාවාරම් වලට වැඩිවශයෙන් ධීවර ප්‍රජාව සම්බන්ධ කරගැනීමද දැන් දිනෙන් දින වාර්තා වන්නේ මෙම මෙහෙයුම් නිසාය.   


පසුගිය මාර්තු 18 වැනිදා පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙන එමින් තිබූ අවි ආයුධ හා හෙරොයින් සහිත ධීවර යාත්‍රාවක් සමග ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ජාවාරමට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙකු සහ තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.   


පාකිස්තානයේ සිට අවි ආයුධ හා හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කිරීමේ සිද්ධියකට සම්බන්ධ එම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිළිබඳව සිදුකරන විමර්ශන සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය, ශ්‍රී ලංකා රජයේ සහාය ලබාගැනීමට ඉකුත් 12 වැනිදා තීරණය කළේ එය පසුපස යම් කරුණක් ඇති බවට ඉඟියක් දෙමිනි.   


අන්‍යෝන්‍ය නීති ආධාර ගිවිසුම යටතේ අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා නවදිල්ලි නුවර පිහිටි එම ඒජන්සිය විසින් ශ්‍රී ලංකා රජයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බව නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. සබේසන් නමැති එම හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයා එල්.ටී.ටී.ඊය යළි නගා සිටුවීම සඳහා එම ජාවාරම් හරහා උපයාගන්නා මුදල් යොදවා ඇති බවත් එම ජාවාරමට තවත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් සම්බන්ධ බවටත් තොරතුරු අනාවරණය වූ බව ඉන්දීය විමර්ශන නිලධාරීන් සඳහන් කළ බවද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවා වාර්තා කළේ සෑම දෙනා‌ගේම දෑස් ඇරවමිනි. මේ වන විට ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමගම එම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදෙන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය රජයෙන් ඉල්ලීමක් කළේය.   
විශේෂයෙන්ම ලාංකික ධීවර යාත්‍රාවක් වූ එහි තිබී ඒකේ 47 රයිෆල් පහක් අල්ලා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සිදු කළ විමර්ශන වලදී මෙම එල්.ටී.ටී.ඊ සම්බන්ධතාව ගැන තොරතුරු හෙළි වී තිබෙන අතරම ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනතේ විවිධ වගන්ති යටතේ ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් සිටින බවද කියැවේ.   


මේ වසරේ මාර්තු 18 වැනිදා ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වූ “රවිහංසි “ ට්‍රෝලර් යාත්‍රාව ඉන්දීය වෙරළාරක්‍ෂක භටයින් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක්, ඒකේ 47 රයිෆල් 5 ක් සහ පතොරම් 1000 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මුලින්ම හෙරොයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු නඩුවක් ලියාපදිංචි කළ අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන් සියලු‍ දෙනාම ශ්‍රී ලාංකිකයන් ය. ලාංකිකයන් ඇතුළු ඒ.කේ. 47 රයිෆල් සහ පතොරම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නඩුව මුලින්ම විසංන්ජම් පොලිසියේ ලියාපදිංචි වූ අතර පසුව එය ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් භාර ගන්නා ලදී. ඉන්දියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටි තිදෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකාවෙන් පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ජාතික විමර්ශන ආයතනය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.   


එම විමර්ශනයේදී විත්තිකරුවන් දෙදෙනෙකු කොටි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවත්, මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරම, තහනම් ත්‍රස්ත සංවිධානය නැවත පණ ගැන්වීමේ උත්සාහයක කොටසක් බවත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සොයා ගැණින. මෙම සිදුවීම පිටුපස ලංකාවේ බොහෝ කොටි ක්‍රියාකාරීන් සිටින බව ද සොයා ගන්නා ලදී. මෙලෙස හෙළි වී ඇති කාරණා යටතේ මෙම නඩුවේ සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මේවන විටත් ශ‍්‍රී ලංකා රජයට ලිපියක් යවා ඇත. එල්ටීටීඊ ව්‍යාපාරයට සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ සිටින සැකකරුවන්ගේ ලැයිස්තුවක් එම ලිපියේ අඩංගු වෙන බව කියැවේ.   


නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා කොහේදැයි සොයමින් සිටිති. ඉන්දීය පොලිසිය සමඟ ශ්‍රී ලංකා පොලිසිය සහයෝගයෙන් කටයුතු කරන හෙයින් සැකකරුවන් පිළිබඳ වාර්තාවක් ඉක්මනින් බලාපොරොත්තු වන බවද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ සිය විමර්ශනය සාර්ථක කර ගැනීමේ අරමුණෙන් යුතුවය. මීට පෙරද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ඉන්දියාවේ ලියාපදිංචි ත්‍රස්තවාදී සිද්ධීන්ගෙන් ශ්‍රී ලංකාවෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අන්‍යෝන්‍ය නීති ආධාර ගිවිසුම යටතේ ප්‍රතිපාදන එරට ජාතික විමර්ශන ඒජන්සිය භාවිතා කර තිබුණි.   


මේ අතර ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය කළ ලිඛිත ඉල්ලීම හමුවේ පාකිස්ථානයේ සිට අවි ආයුධ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිළිබඳ සිදුකෙරෙන විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙරට ආරක්ෂක අංශ පවසයි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය හරහා එම සහයෝගය ලබාදෙනු ලබන අතර බුද්ධි අංශවල සහාය ද ඊට හිමිව තිබේ. කෙසේවෙතත් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මීට අදාළ සහය ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව මහතා සඳහන් කළේය.   


කේරළ මුහුදේදී අල්ලාගනු ලැබූ “රවිහංසි” නමැති ශ්‍රී ලාංකික ධීවර යාත‍්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 300 මෙන්ම කැලෂිනකෝව් (AK-47) අවි සහ වෙඩි උණ්ඩ ඉරාන පාකිස්තාන් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට ද ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය මගින් සොයාගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය සහ අවි හුවමාරුව සිදුවී ඇත්තේ ඉන්දීය ලක්විෂද්වීප දූපත අසල දී වන අතර එල්.වයි. නන්දන, එස්.කේ.ජී.බී. දේශප්‍රිය, එස්.එස්. ගුණසේකර, එස්.ඒ. සෙනරත්, ටී. රණසිංහ සහ ඩී. නිශ්ශංක යන සැකකරුවන් 06 දෙනාද අත්අඩංගුවට පත්වී තිබේ. ඉන්දීය බලධාරීන් තවදුරටත් හෙළි කළේ පසුගිය නොවැම්බර් මස එම දූපත අසලදී ‘‘ෂෙනායා දුව’’ නමැති ශ්‍රී ලාංකික ධීවර යාත‍්‍රාව සහ අවි පහක් සමග හෙරොයින් කිලෝ 160 ක් අල්ලාගත් බවය.   
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තමිල්නාඩු ජාතිකයින් දෙදෙනෙකු වන සුරේෂ් රාජ් සහ සෞන්දරාජන් එල්.ටී.ටී,ඊ සාමාජිකයෝ වෙති.   


තමිල්නාඩුවේ, ශ්‍රී ලංකාවේ සහ වෙනත් විදෙස් රටවල සංවිධානයේ නායකයන්ගේ අධීක්ෂණය යටතේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා මොවුන් දෙදෙනා රහසිගතව කටයුතු කරමින් සිටියහ. චූදිතයාගෙන් එකතු කරන ලද ඩිජිටල් සාක්ෂි මඟින් මෙම කරුණු සනාථ වී ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය කොචිහි විශේෂ අධිකරණයට ඉදිරිපත් කළේය.   


අවි හා පතරොම් එකතු කිරීමේදී කොටි නායකයන් කිහිප දෙනෙකුගේ නම් සහ අරමුදල් තබා ගැනීමේ ක්‍රම ද සංවිධානයේ අනාගත සැලසුම් ද චූදිතයන් විසින් හෙළිදරව් කර තිබුණි. මෙම අංශ පිළිබඳව විමර්ශන කටයුතු කරගෙන යන බව ඔවුහු කොචී අධිකරණයට කරුණු සැල කර සිටියහ.  


මෙම ධීවර යාත්‍රාවේ හිමිකරු නිශාන්ත සහ රමේෂ් අර්සරතනම්, අංජු, දීපා රාජන් රංගන් සහ හජි සලීම් යන අයගේ කෙරුවාවන්ද අපරාධ පරීක්ෂණ වලදී හෙළිදරව් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.   
සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් ආයුධ සහ පතොරම් වල මූලාරම්භය සහ ගමනාන්තය පිළිබඳ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින අතර විත්තිකරුවන් විසින් හෙළිදරව් කරන ලද රට තුළ සහ විදේශයන්හි සිටින අනෙකුත් සැකකරුවන්ගේ භූමිකාව පිළිබඳව ද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය තවදුරටත් විමර්ශනය කෙරෙමින් පවතින බව ද සඳහන් වේ.

 

 

සටහන 
තිළිණි ද සිල්වා 



අදහස් (2)

එල්.ටී.ටී.ඊ.ය පණගන්වන්න තවත් වෑයමක්

Ratne Tuesday, 19 October 2021 08:32 AM

කලබල නොවන්න, එල්ටීටීඊ, රජය අතර වෙනසක් නැත.

:       0       2

fairoos Tuesday, 19 October 2021 06:56 PM

රට පත්වෙලා තියන තත්වෙට ප්‍රභාකරනුත් ආපහු එයිද දන්නේ නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site