IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


ඉන්දු-පාකිස්ථාන යුද්ධයක් ආවොත් ලොකු ලූනු අර්තාපල්-පරිප්පු හිඟවෙයි

උපුල් වික්‍රමසිංහ

ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ ඇති බැවින් එවැනි තත්ත්වයකදී ඒ දෙරටෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට බාධා මතු වීමෙන් මෙරට ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ල විය හැකි බවට ආර්ථික විද්‍යාඥයෝ බිය පළ කරති.

ඉන්දුස් ජල ගිවිසුම ඒකපාර්ශ්වීයව අත්හිටුවීමට ඉන්දියාව ගත් තීරණය හේතුවෙන් පාකිස්ථානයේ කෘෂි අස්වනු අඩු වුවහොත් ලංකාවට පාකිස්ථානයෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ඒම අසීරුවීමට ඉඩ ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

සහල්, අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු, සුදුලූනු, සූදුරු මාදුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වන අතර යම් හෙයකින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එම භාණ්ඩ ගෙන්වීමට බාධා ඇති වෙන බව ද ඔවුහු කියති.

වසර 2023 දී පමණක් ඩොලර් බිලියන 3.19ක් වටිනා භාණ්ඩ ඉන්දියාවෙන් ගෙන්වා ඇති අතර එයින් ඩොලර් මිලියන 365.13 ක් වැය කර තිබෙන්නේ සීනි හා රසකැවිලි නිෂ්පාදනවලටය. ඊට අමතරව ඖෂධ නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 282.76 ක් ද වැය කර තිබේ.

මේ අතර 2024 දී ඩොලර් මිලියන 456.51 ක වටිනාකමකින් යුත් භාණ්ඩ පාකිස්ථානයෙන් මෙරටට ආනයනය කර ඇති අතර, ඒ අතර විවිධ එළවළු වර්ග ද ඇතුළත්ය.

 



අදහස් (0)

ඉන්දු-පාකිස්ථාන යුද්ධයක් ආවොත් ලොකු ලූනු අර්තාපල්-පරිප්පු හිඟවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 310 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 599 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site