නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනා වෙළෙඳපොළ ජයගත් රේන්කෝ පුද්ගලික සමාගම වෙත ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) විසින් ISO 9001:2015 තත්ත්ව සහතිකය පිරිනමා ඇත.
අව් වැසි වළකාගන්නට භාවිතා වූ සාම්ප‍්‍රදායික ”කුඩය” කාලයේ තාලයට ගැලපෙන ලෙස නව්‍යකරණයෙන් බලගැන්වූ නිර්මාණාත්මක කුඩ නිෂ්පාදන පෙළක් ලෙස වෙළෙඳපොළට හඳුන්වාදෙන, වර්ෂාව (Rain) සමග ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නිරතුරුවම සිහිපත්වන සන්නාමය ලෙස කීර්තිමත් ”රේන්කෝ” අනගි නිෂ්පාදන පෙළ හඳුන්වා දුන් රේන්කෝ පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ කුඩ නිෂ්පාදන හා මදුරු දැල් නිෂ්පාදනය සඳහා ISO 9001-2015 තත්ත්ව සහතිකය ලත් එකම නිෂ්පාදන ආයතනය ලෙස වෙළෙඳපොලේ කැපී පෙනෙයි. 2002 වසරේ සිට ISO මූලික ප‍්‍රමිති සහතිකය ලබා ක්ෂේත‍්‍රයට සම්මතයන් හඳුන්වා දුන් පුරෝගාමියා බවට පත්ව සිටින රේන්කෝ පුද්ගලික සමාගම ISO 9001-2015 තත්ත්ව සහතිකය සමග තවදුරටත් සිය නිෂ්පාදන ක‍්‍රියාවලියේ විශිෂ්ඨත්වය සනාථ කොට තිබේ.
ISO 9001-2015 ප‍්‍රමිති සහතිකය පිළිබඳ අදහස් දැක්වූ රේන්කෝ පුද්ගලික සමාගමේ තත්ත්ව ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී අසීම් ඔමර් මහතා ”රේන්කෝ පුද්ගලික සමාගමේ නිෂ්පාදන ක‍්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය පවත්වාගැනීමට තත්ත්ව ආරක්ෂණ ක‍්‍රියාවලිය පිළිබඳ වැඩි අවධානයක් යොමුකොට තිබෙනවා. පාරිභෝගික ජනතාව තෘප්තිමත් වෙන ආකාරයෙන් වෙනස්වෙන අවශ්‍යතාවයන්ට ගැලපෙන්න අපගේ නිෂ්පාදනයන්ගේ උසස් තත්ත්වය පවත්වාගෙන යන්නට දරන නොනවතින උත්සාහය ISO 9001-2015 ප‍්‍රමිති සහතිකයෙන් පිළිබිඹු වෙනවා.” යැයි පැවසීය.
රේන්කෝ පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ධර්මරත්න මහතා අදහස් දක්වමින් ” විශිෂ්ඨත්වය අරමුණු කරගත් අපගේ ව්‍යාපාර සංස්කෘතිය තුළදී නව්‍යකරණයට හා උසස් ප‍්‍රමිතිය පවත්වාගෙන යාමට ප‍්‍රධාන තැනක් ලබාදෙනවා. පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පවතින නිෂ්පාදන නවීකරණය කිරීමත් කාලයේ තාලයට ගැලපෙන්න නවතම නිෂ්පාදන හඳුන්වාදීමත් සිදුකරන අතරේ සම්බන්ධතා ජාලය ශක්තිමත් කරගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමට ISO 9001-2015 ප‍්‍රමිති සහතිකය සුවිශේෂී දිරිමත් කිරීමක්.” යැයි පැවසීය.
රේන්කෝ සමූහ ව්‍යාපාරයට අයත් Giftworks ශ්‍රී ලාංකීය ත්‍යාග භාණ්ඩ වෙළෙඳපොළට නව ප‍්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය ලෙස කැපී පෙනෙයි. ගෘහස්ථ අවශ්‍යතා සපුරාලන ත්‍යාග භාණ්ඩ, ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා යොදාගන්නා භාණ්ඩ (promotional merchandise), ආයතනික ත්‍යාග භාණ්ඩ (corporate gifts) උත්සව අවස්ථා සඳහා අවශ්‍ය ත්‍යාග භාණ්ඩ ලෙස පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව සකසා දෙන කුඩ, මග්, පෑන් යනාදී භාණ්ඩ රැසක් Giftworks නිෂ්පාදන පෙළට ඇතුලත් වේ. රේන්කෝ සමූහ ව්‍යාපාරයට අයත් තවත් ආයතනයක් වන Zeelyne ලොව ප‍්‍රමුඛතම යුරෝපීය හා ඇමරිකානු සමාගම් ඇතුළු ජාත්‍යන්තර සමාගම් රැසකට අවශ්‍ය කුඩ සහ වැහිකබා ඇතුළු rainwear නිෂ්පාදන සකස් කිරීමටත් කොටස් කපා මසා නිමකළ භාණ්ඩ නිෂ්පාදනය (cut and sew products) උදෙසාත් නිර්මාණය කොට ඇත.
කුඩය සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජනජීවිතය තුළ හිමිව තිබෙන සාම්ප‍්‍රදායික හුරුව ”ජීවන විලාසිතාවක්” දක්වා පරිවර්තනය කිරීමේ අරමුණ ඇතිව පසුගිය කාලය මුළුල්ලේම නව නිපැයුම් රැසක් වෙළෙඳපොළට හඳුන්වාදෙන්නට මූලික වූ රේන්කෝ පුද්ගලික සමාගම සවිබල ගන්වමින් 600 කට අධික කාර්ය මණ්ඩලයක් සේවයේ නිරතව සිටියි. කුමන තරාතිරමක, කුමන අවශ්‍යතාව මත පැමිණියද එම සියළු වෙළෙඳපොළ අවශ්‍යතා සම්පූර්ණ කොට පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමෙහිලා රේන්කෝ සමත්ව සිටියි. අන්තර්ජාතික සන්නාම රැසක් සමග අත්වැල් බැඳගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ශ්‍රී ලාංකීය නාමය බබලවන රේන්කෝ තරගකාරී ගෝලීය ව්‍යාපාර පරිසරය තුළ සාර්ථක ලෙස සිය ස්ථාවරත්වය රැකගෙන සිටියි.