සුවහසක් ශ්‍රී ලාංකිකයන් සුවපත් කළ පානයක් වන සමහන්, ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී කතාබහට ලක් වී තිබේ. ඒ Kaun Banega "Crorepati" රූපවාහිනී වැඩසටහනේදීය. එම වැඩසටහන මෙහෙයවන්නේ ප්‍රවීණ මෙන්ම ජනකාන්ත සිනමා නළු අමිතාබ් භච්චන් විසිනි. වැඩසටහනට සහභාගී වන පුද්ගලයන්ගෙන්, වැඩසටහන මෙහෙයවන්නා සාමන්‍ය දැනීම ප්‍රශ්න අසන අතර, ඒවාට සාර්ථක පිළිතුරු ලබා දෙන පිරිසට මුදල් ත්‍යාග පිරිනැමේ.
පසුගිය දිනෙක මෙම වැඩසටහනට සහභාගී වූ කාන්තාවක්, වැඩසටහන අතරතුරදී කැස්ස තත්ත්වයකින් පෙළී ඇති අතර, අමිතාබ් භච්චන් මහතා විසින් ඒ අවස්ථාවේදී, කැස්ස සඳහා ගුණදායි පානයක් ඔහු සතුව ඇති බවත්, එහි නම “සමහන්” බවත් පවසමින් මොහොතකට රූගත කිරීමෙන් ඉවතට ගියේය. ඉන් පසුව යළිත් පැමිණෙන ඔහු, සමහන් පානයක් රැගෙන විත් එම කාන්තාවට ලබා දෙන්නේ එයින් කැස්ස සුව වන බව පවසමිනි.
වටිනා ඖෂධ රැසක සුසංයෝගයක් රැගත් අපේම නිෂ්පාදනයක් මෙලෙස කතාබහට ලක්වීම සතුටට කරුණක් නොවේද?