‘පාකිස්ථානයට එල්ල වූ ප්‍රහාරය ආර්ථිකය බිඳදැමීමේ උත්සාහයක්’


ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)
 
නිරිත දිග පාකිස්තානයේ ග්වදාර්හි පිහිටි සුඛෝපභෝගී හෝටලයට එල්ල වූ ප්‍රහාරය පාකිස්තානයේ ආර්ථික ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට සහ “සෞභාග්‍යයට” පහරක් එල්ල කිරීමට ගත් උත්සහායක් යැයි එරට අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (12) පැවැසීය. 

ග්වදාරර් නගරයේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකට ඊයේ (11) තුවක්කුකරුවන් පිරිසක් කඩා වැදුණු අතර ඔවුන් කළ වෙඩි තැබීම්වලින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරයකන් සියලු දෙනා මරුමුවට පත්වූයේ ඉන් පැය කිහිපයකට පසුව පොලිසිය සඳහන් කළේය.  පොලිසිය සහ තුවක්කුකරුවන් අතර වෙඩි හුවමාරු වූ බව ද වාර්තා විය. 

චීනයේ අරමුදල්වලින් පාකිස්තානය තුළ ක්‍රියාත්මක ඩොලර් බිලියන ගණනක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ස්ථානය වන්නේ ග්වදාර් නගරයයි. 

බලුකිස්තාන් විමුක්ති හමුදාවේ (බී.එල්.ඒ) බලූච් බෙදුම්වාදී කණ්ඩායම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි. 

“මෙවැනි උත්සහායන්, විශේෂයෙන්ම බලුකිස්තාන් ප්‍රදේශයේදී එල්ල කෙරෙන ප්‍රහාරවල අරමුණ පාකිස්තානයේ ආර්ථික ව්‍යාපෘති කඩාකප්පල් කිරීම සහ සෞභාග්‍යයට හානි කිරීමයි. මෙවැනි න්‍යායපත්‍රවල සාර්ථක වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ” යැයි පාකිස්තාන අගමැතිවරයා කීවේය.

පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබිණි. 

තුවක්කුකරුවන් හතරදෙනකු හෝටලයට කඩා වැදුණු බවත් ආරක්ෂක අංශ ප්‍රහාරවලින් ඔවුන් සිවුදෙනාම මරුමුවට පත්වූ බවත් පොලිසිය සඳහන් කළේය. තුවක්කුකරුවන් කළ වෙඩි තැබීම්වලින් ආරක්ෂක භටයකු ජීවිතක්ෂයට පත්විය. 

“ත්‍රස්තවාදීන් සිවුදෙනාම මරුමුවට පත්වුණා. හෝටලයේ සම්පූර්ණ පාලනය සියතට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා” යැයි ග්වදාර්හි පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

 055