
ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිවරණය හෙට (30) පැවැත්වෙයි. ජනාධිපති ධුරය සඳහා විපක්ෂය වන දක්ෂිණාංශික ජාතික පක්ෂයේ අපේක්ෂක නස්රි අස්ෆුරා ඉදිරිපත්ව සිටින අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ගේ පූර්ණ සහාය නස්රි අස්ෆුරාට හිමිවන බවය.
අස්ෆුරා ජයග්‍රහණය කළහොත් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ඔහු සමඟ එක්ව කටයුතු කළ හැකි බව ට්‍රම්ප් පවසා තිබේ. ලතින් ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු ඇමෙරිකාවට ද තර්ජනයක් වී ඇත. “හොන්ඩුරාස් ජනතාව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්දය දී, අස්ෆුරා ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
2021 වසරේ සිට හොන්ඩූරාස් පාලනය කරනු ලබන්නේ, ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින සහ ඒකාධිපති පාලකයකු යැයි චෝදනා ලබන ජනාධිපති ෂියෝමාරා කාස්ට්‍රෝ ය. ෂියෝමාරා කාස්ට්‍රෝ දැඩි ආර්ථික හා මානව හිමිකම් අර්බුදවලින් පීඩා විඳින කියුබාව සහ වෙනිසියුලාව සමඟ සමීප සබඳතා පවත්වන අතර, මෙය ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

