
තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන ඇත. ඒ, පසුගිය දා මහල් නිවාස ගොඩනැගිල්ලේ හටගත් ගින්නට 128 දෙනකු බිලිවීම සැලකිල්ලට ගනිමිනි.
ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 83 කි. බලධාරීන් පැවැසුවේ 150 දෙනකු අතුරුදන් බවය. එහෙයින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව ද පැවැසෙයි. ගොඩනැගිල්ල නිසි ලෙස නඩතක්තු නොවුණු බැවින් ගින්න පැතිර ගිය බව ද පැවැසෙයි. ගොඩනැගිල්ලේ හිමිකරුවන් ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගින්නට හේතුව තවමත් නිශ්චිතව අනාවරණය වී නැත.

