
ජනාධිපති බලතල අවභාවිත කිරීමේ චෝදනා යටතේ, වසර 5 ක සිරදඬුවම් නියම වුණු ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි සති තුනක සිරදඬුවමකින් පසු නිදහස ලැබීය. ඒ, සාර්කෝසි ඉදිරිපත් කළ අභියාචනාවක් අධිකරණය සලකා බැලූ බැවිනි.
සාර්කෝසි බලයේ සිටිද්දී, මැතිවරණ කටයුතු සඳහා ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණු අතර, එම චෝදනාවලට සාර්කෝසි වරදකරු විය. සිරදඬුවම් නියම වූයේ එම චෝදනා සම්බන්ධයෙනි.

