හිටපු උප ජනපති ඩික් චෙනී සමුගනී


ඇමෙරිකාවේ හිටපු උප ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩික් චෙනී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 84 කි.

2001 සිට 2009 දක්වා ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දරද්දී, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ඩික් චෙනී ය. නියුමෝනියා සංකූලතා මෙන්ම හෘද හා රුධිර නාල රෝග ආදී අයහපත් සෞඛ්‍ය ගැටලු රැසකින් පීඩා විදි බව ද වාර්තා වේ.