
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම විය.
බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක්, හිටපු අග්‍රාමාත්‍යවරිය 78 හැවිරිදි හසීනාට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පසුගිය 2024 බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතාවක් හටගත්තේය. හසීනා එම විරෝධතා මර්දනය කළේ පොලිසිය යොදවමිනි.
පොලිස් වෙඩි තැබීම්වලින් තරුණ විරෝධතාකරුවෝ ජීවිතක්ෂයට පත්වූහ. විරෝධතාවට එක් වී ඊට සහාය දැක්වූ පාසල් නිල ඇදුමින් සිටි පාසල් දරුවෝ දෙදෙනෙක් ද පොලිස් වෙඩි තැබීම්වලින් මියගියහ.
මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කළේ යැයි හසීනාට චෝදනා එල්ල වූයේ මේ නිසාය. 2024 වසරේ සිසු විරෝධතා මර්දනය කිරීමේ ‘ප්‍රධාන සැලසුම්කරු සහ ප්‍රධාන නිර්මාතෘ’ ලෙස හසීනාට චෝදනා එල්ල වී තිබුණි.
විරෝධතා උත්සන්න වෙද්දී, ෂෙයිකන් හසීනා අසල්වැසි ඉන්දියාවට පා ගියේ ධුරය අත්හරිමිනි. ඒ අනුව, හසීනාගේ වසර 15ක පාලනය අවසන් විය.
මේ වනවිට ඇය ඉන්දීය රජයේ රැකවරණ ලබමින් ඉන්දියාවේ රැඳී සිටී. තමන්ට රැකවරණ දීම සම්බන්ධයෙන්, හසීනා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය රජයට තුති පුද කර ඇත.
හසීනාට එරෙහිව නඩු විභාගය පවත්වා ඇත්තේ ඇය නොමැතිවය.
රජයේ රැකියා සඳහා වූ මතභේදාත්මක කෝටා ක්‍රමයක් හේතුවෙන් ආරම්භ වූ එම විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙද්දී, විරෝධතාකරුවෝ 1400 ක් ජීවිතක්ෂයට පත්වූහ.

