සෝමාලිලන්තය රටක් විදියට පිළිගන්නවා - ඊශ්‍රායලය


වසර 30 කට වැඩි කාලයක් තිස්සේ, ස්වාධීන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක අප්‍රිකාවට අයත් සෝමාලිලන්තය, නිල වශයෙන් රටක් ලෙස පිළිගැනීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. ඒ අනුව, සෝමාලිලන්තය, නිල රාජ්‍යයක් ලෙස පිළිගත් පළමු සහ එකම එක්සත් ජාතීන්ගේ සාමාජිකයා වන්නේ ඊශ්‍රායලයයි.

ඊශ්‍රායලය සහ සෝමාලිලන්තය අතර පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගනිමින් ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබූ බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය හමුවේ පවසා ඇත. 

සෝමාලිලන්තය පිහිටා ඇත්තේ අප්‍රිකා මහද්වීපයේ හෝං ඔෆ් අප්‍රිකා තුඩුව කෙළවරේය. මෙය පළමුවෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විය. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස හිමිවූයේ 1960 දීය. ඉන්පසු මෙම ප්‍රදේශය, ඉතාලි පාලනයට නතු වී, සෝමාලියාව නමින් හැඳින්වෙන රාජ්‍යයේ කොටසක් විය.

දරුණු සිවිල් අවි ගැටුම් සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන්, සෝමාලිලන්තය, සෝමාලියාවෙන් වෙන් වීම සිදුවූයේ 1991 දීය. ඉන්පසු සෝමාලිලන්තයේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නිර්මාණය විය. සෝමාලිලන්තයට, විශේෂයෙන් ආවේණික රජයක්, හමුදාවක්, මුදල් ඒකකයක් සහ විදේශ ගමන් බලපත්‍රයක් තිබුණ ද, ඔවුන්ට මෙතෙක් ජාත්‍යන්තරයේ පිළිගැනීමක් නොතිබුණි.