සොරකම් කළ ආභරණ සොයා ගැනීම ගැටලුවක්


පැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයෙන් සොරකම් කළ ප්‍රංශ රාජකීය ආභරණ යළි කිසි දිනෙක ප්‍රංශයට නොලැබෙනු ඇතැයි විශේෂඥයෝ පවසති. 

සොරකමට සම්බන්ධ කිසිවකු මේ වනවිට අල්ලා ගැනීමට නොහැකි වී ඇතැයි ද පැවැසෙයි. සොරකමට සිවු දෙනකු හෝ තිදෙනකු සම්බන්ධ වී ඇතැයි පොලිසිය විශ්වාස කරයි. 

පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. සොරුන් අල්ලා ගැනීමට හැකිවනු ඇති නමුත්, සොරකම් කළ ආභරණ යළි සොයා ගැනීමට හැකිවේවි ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව පොලිසියේ අදහසය.