සුළි කුණාටුව සිතියම්ගත කෙරේ


ශ්‍රී ලංකාවට ව්‍යසනයක් ගෙනා ‘දිට්වා’ සුළි කුණාටුව සිතියම්ගත කිරීමට, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සුදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, සුළි කුණාටුව සිදු කළ හානිය විශ්ලේෂණය කිරීමේ අරමුණින්ය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ‘දිට්වා’ සුළි කුණාටුව සිතියම්ගත කරනු ඇත්තේ, චන්ද්‍රිකා ඡායාරූප යොදා ගනිමින් යැයි ද පැවැසෙයි.

මෙහිදී සුළි කුණාටුවේ බලපෑමෙන් ආපදාවට ලක් වූ නායයෑම සහ ගංවතුර තත්ත්වය පිළිබඳව පෙර හා පසුව ලබාගත් චන්ද්‍රිකා තාක්ෂණ ඡායාරූප යොදාගෙන විශ්ලේෂණය කර විශේෂ වාර්තාවක් සකස් කිරීමට ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සූදානම් වෙයි.

ආපදාවට ලක් වූ ප්‍රදේශයන්හි කෘෂිකර්මය, ජල ද්‍රෝණී හා ඇල මාර්ග පද්ධතිය, නිවාස හා ගොඩනැගිලි මෙන්ම යටිතල පහසුකම් පිළිබඳව චන්ද්‍රිකා තාක්ෂණික ඡායාරූප මගින් අධ්‍යයනය කර, ඒ සඳහා විසඳුම් රජයට යෝජනා කිරීමට ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ අවධානය පියවර ගනු ඇතැයි ද පැවැසෙයි.

සුළි කුණාටුවෙන් ආපදාවට මුහුණ දුන් ජනතාවට පිහිට වෙමින්, යටිතල පහසුකම් යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහාය ලබා දෙන අතර, සුළි කුණාටු​වෙන් සිදුවුණු හානිය තක්සේරු කිරීමක් ද සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සුදානම් වෙයි.

මේ සඳහා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ද ලබාගැනීමට