සිසු මුහුණේ බලි ඇදීමෙන් ගුරැවරිය අමාරුවේ
ඇමරිකාවේ ඉඩාහෝ ප‍්‍රාන්තයේ ළදරු පාසැලක ගුරුවරියක් සිය සිසුන්ට දුන් දඩුවම් ක්‍රමයකින් අමාරුවේ වැටී සිටින්නීය.
පංතියේ ළමයින්ගේ කියැවීමේ රුචිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ඇය කියවීම දුර්වල
සිසුන්ට දිය යුතු දඩුවම කුමක් විය යුතුදැයි විමසා ඇත.එවිට සිසුන් පවසා ඇත්තේ ඔවුන්ගේ මුහුණුවල බලි කුරුටු ඇදීම සුදුසු බවයි
පාඩම අවසානයේ දුර්වල සිසුහු සය දෙනෙකුගේ මුහුණු වල බලි ඇඳීම දක්ෂ සිසුන්ට භාර කැරිණි.
මේ ක්‍රියාවට ඇතැමි දෙමවිපියන් විරෝධය පළ කළහ. ඇතමෙක් එය ගණන්
නොගත්හ. එහෙත් ගුරුවරියට එරෙහි පරීක්ෂණයක් ද ඇරඹියේය.

