සාම සාධක නිලධාරීහු 21 ක් සිරියාවේදී පැහැර ගැනෙති


තම සාම සාධක නිලධාරීන් විසි එක් දෙනකු සිරියානු කැරැලිකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (7) කියා සිටියේය. එම සාම සාධක නිලධාරීන් කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට පත් වී ඇත්තේ සිරියාවත් ඊශ‍්‍රායලයත් අතර ගෝලාන් කඳුකරයේ සිරියාවට අයත් ප‍්‍රදේශයකදීය.
එම පිරිස වහා මුදා හරින ලෙස තමා කැරැුලිකාර පාර්ශ්වය නියෝජනය කරන සිරියානු ජාතික පාලක මණ්ඩලයට දැනුම් දුන් බව ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහ ලේකම් බෑන් කී මූන් පවසා ඇත.